ජීවිත රැකගැනීම වෙනුවෙන් ඔබත් එක්වන්න.!

අප මාතෘ භූමිය මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ රෝහල් වෙත ඖෂධ ලබා දීම ද අතිශය දුෂ්කර කාර්යයක් බවට පත්ව තිබේ. ඒ හේතුවෙන් දුෂ්කරතාවයන්ට පත්වෙන රෝහල් කාර්ය මණ්ඩලයත් අසරණභාවයට පත්වන රෝගීන් පිරිසත් ඉන් මුදවා ගැනීම මේ අරමුදලේ අරමුණයි.

මේ සඳහා විදේශයන් හි වෙසෙන පින්වත් ඔබටත් ශ්‍රී ලංකාවේ වෙසෙන පින්වත් ඔබටත් දායකත්වය ලබා දිය හැකිය.

ඔබගේ මූල්‍ය දායකත්වය ලබා දීමට පිවිසෙන්න..

මෙම ව්‍යාපෘතිය හරහා $100,000 ක මූල්‍ය වටිනාකමකින් යුත් ඖෂධ හා අනෙකුත් වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමට සැලසුම් වී ඇත.
Donate
දායකත්වය ලැබූ ප්‍රමාණය: $55,751.87
Donation 55%

ඔබේ දැනුවත් වීම පිණිස

ඔබගේ දායකත්ව ලබා දිය හැකි ගිණුම් තොරතුරු ඉහත Donate Now සබැඳියෙන් පිවිස ලබා ගත හැකිය. එහිදී ඔබට මතුවන ගැටළු සඳහා පිළිතුරු පහතින් සදහන් කර ඇත.

එසේ කළ නොහැකිය. එයට හේතුව වන්නේ මෙම ගිණුම විශේෂයෙන් සකස් කොට ඇත්තේ US Dollars ගිණුමක් ලෙසිනි. ඒ නිසා පිළිගත් විදේශ මුල් ඒකක උදාහරණ USD, GBP, AUD, CAD වැනි ඒකක මගින් පමණක් මුදල් බැර කළ හැකිය. 

මෙම ගිණුම ශ්‍රී ලංකාවේ ගිණුමක් නිසා ඉහත මාධ්‍යයන් තවමත් ශ්‍රී ලංකාවට පහසුකම් නොදී ඇති නිසා එමඟින් සිදු කළ නොහැකිය.

මුදල් බැර කිරීමේ උපරිමයක් හෝ අවමයක් නැත. ඔබේ දායකත්වය ඔබට හැකි පමණින් ඉහත දක්වා ඇති වලංගු මුදල් ඒකකයකින් සිදු කළ හැකිය.

මෙම ගිණුම US Dollars මූලික මුදල් ඒකකය ලෙස ගෙන සැදූ ගිණුමකි. ඒ නිසා ලංකා මුදල් බැර කළ නොහැකිය.

ඔබ මුදල් පරිත්‍යාග කිරීම සඳහා තෝරාගන්නා බැංකුව හෝ මූල්‍ය ආයතනය වෙත ගොස් පහත සඳහන් ශ්‍රී ලංකාවේ ගිණුම වෙත මුදල් බැරකිරීමට අවශ්‍ය බව දැනුම් දෙන්න.

ගිණුම් අංකය : 014402160015363
ගිණුමේ නම : Save A Baby
බැංකුව : මහජන බැංකුව
SWIFT කේතය : PSBKLKLX
ගිණුම පවත්නා රට : ශ්‍රී ලංකාව

ගිණුම වෙත බැර කළ යුතු මුදල් ඒකකය : ඇමරිකන් ඩොලර් හෝ වෙනත් විදේශීය මුදල් ඒකකයක්. කිසිවිටෙකත් ශ්‍රී ලංකා රුපියල් බැර කළ නොහැකිය.

එමෙන්ම ඔබ අන්තර්ජාලය හරහා මුදල් බැරකරන්නේ නම් සෑම විටම ගිණුමට බැර වන මුදල් ඒකකය USD හෝ විදේශීය මුදල් ඒකකයක් බවට තහවුරු කරගන්න. ශ්‍රී ලංකා රුපියල් මුදල් ඒකකය ලෙස තේරී ඇත්නම් ඔබේ ගණුදෙනුව අවලංගු වේ.

NOTE- Save A Baby ගිණුම ඇමරිකානු ඩොලර් ගිණුමකි.

 


ඔබට ඒ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීමට කැමති නම් පහත සඳහන් සබැඳියෙන් පිවිසෙන්න.

https://www.peoplesbank.lk/remittance-correspondent-agent

ඉන්පසු remittance correspondent agent ෙවත පිවිස Our Correspondent Agents තෝරා මුදල් හුවමාරු කිරීමට අවශ්‍ය රට තෝරන්න. එවිට මහජන බැංකුවේ නියෝජිතයන් ලැයිස්තුව ඔබට දැකගත හැකිය.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට ඔබ මුදල් ගෙවීම් කළ බැංකුවේ හෝ මූල්‍ය ආයතනයේ නම සහ අනෙකුත් සියලු විස්තර සහිත රිසිට්පත පහත සඳහන් ඊමේල් ලිපිනයට හෝ වට්ස්ඇප් අංකයට යොමු කර තහවුරු කර ගත හැක.

ඊමේල් –  info@saveababy.lk

වට්ස්ඇප් – +94713490000

ගිණුම් විස්තර වැරදි ලෙස ඇතුලත් කර තිබීම.
උදා : ගිණුම් අංකය ආදී.

ශ්‍රී ලංකා රුපියල් තෝරා තිබීම.

■ CBSL අනුමැතිය යටතේ ආරම්භ කළ Save a Baby ගිණුම :014402160015363* ඇමරිකානු ඩොලර් ගණුදෙනු වන ගිණුමකි. එනිසා ඔබ මුදල් බැර කළ යුත්තේ විදේශීය රටවල මුදල් එකකයන්ගෙනි.

■ කෙසේ වුවත් මෙම ගිණුම ශ්‍රී ලංකාවේ ගිණුමක් වන නිසා ඔබ ශ්‍රී ලංකා රුපියල් වලින් මුදල් බැර කිරීමට උත්සහ කළහොත් හෝ බැර වන මුදල් ඒකකය LKR ලෙස තෝරා තිබුණොත් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන අන්තර් බැංකු නිෂ්කාශන පද්ධතිය වන CEFT හෝ SLIPS මගින් ශ්‍රී ලංකා රුපියල් මෙම ගිණුමට බැර වීම ස්වංයක්‍රීයව අවලංගු වේ.

■ එසේ ඔබගේ ගණුදෙනුව අවලංගු වුවහොත් නැවත මුදල් ඔබගේ ගිණුමටම බැර වේ. (මුදල් එවන ලද බැංකුවේ හෝ වෙනත් අතරමැදි බැංකුවල සියලු බැංකු ගාස්තු අඩුකිරීමෙන් පසු) එසේ ඔබගේ මුදල් ආපසු නොලැබුනේ නම් ඔබ මුදල් බැර කිරීම සඳහා තෝරාගත් ඔබේ රටේ බැංකුවෙන් හෝ ආයතනයෙන් විමසීම් කළ හැකිය.

■ ඔබ මුදල් බැර කරන්නේ Western Union, Ria, MoneyGram වැනි සේවාවන් මගින් නම් එහි බැර වන මුදල් ඒකකය ඛණඍ වන නිසා ඔබගේ මුදල් නොලැබේ.

■ එනිසා ඔබ අනිවාර්යයෙන්ම බැර වන මුදල් ඒකකය ඇමරිකානු ඩොලර් හෝ වෙනත් විදේශීය මුදල් ඒකකයක්ද යන්න සනාත කර ගත යුතු වේ.

ඔබ මුදල් එවූ බැංකුව හෝ ආයතනය දැනුවත් කරන්න.

දින 1ත් – 7ත් ඇතුළත ඔබගේ ගිණුම වෙත එම මුදල ආපසු නොලැබුනේ නම් ඔබ මුදල් බැර කිරීම සිදු කළ ආයතනය අමතා මෙම ගණුදෙනුව අවසන් කරගන්න.

තවදුරටත් තොරතුරු අවශ්‍ය නම්

WhatsApp

+94 71 349 0000

Telephone

+94 71 347 0000
+94 71 348 0000

Email

info@saveababy.lk

News and Updates

ජලභීතිකා එන්නතේ ජාතික අවශ්‍යතාවය සැපිරේ..

ජලභීතිකා එන්නතේ ජාතික අවශ්‍යතාවය සැපිරේ.. මේ වන විට රට තුල ජලභීතිකා එන්නතෙහි දැඩි හිඟයක් උද්ගත වීම මුල්කොට රට තුල ඇති වී ඇති ජීවිත රැසක් අහිමි

Read More »

ජලභීතිකා එන්නත් තොගය පෙර දිනයේ දිවයිනට පැමිණි බව

ජලභීතිකා එන්නත් තොගය පෙර දිනයේ දිවයිනට පැමිණි බව ගුවන්තොටුපල ආරංචිමාර්ග සනාථ කළේය. ජලභීතිකා එන්නත් තොගය පෙර දිනයේ දිවයිනට පැමිණි බව ගුවන්තොටුපල ආරංචිමාර්ග සනාථ කළේය. ඒ

Read More »

ජලභීතිකා එන්නතේ මාසයක ජාතික අවශ්‍යතාවය සපිරෙයි..

ජලභීතිකා එන්නතේ මාසයක ජාතික අවශ්‍යතාවය සපිරෙයි. මේ වන විට රට තුල ජලභීතිකා එන්නතෙහි දැඩි හිඟයක් ඇති වී ඇති බවත් එනිසාම ජීවිත අහිමි වීමේ අවධානමක් ඇති

Read More »

Medical Emergency Fund

මෙහෙම ගියොත් මිනිස්සු මැරෙයි… අපි එක්වෙමු… https://youtu.be/TJ5oMPIbUxM There is a growing shortage of essential medicine and equipment in hospitals across Sri Lanka. As a result,

Read More »

සම්බන්ධීකාරක කමිටු සාමජිකයින්

මෙම ව්‍යාපෘතිය විගණනය කරමින් ඖෂධ වල අවශ්‍යතාවය හා මූලිකත්වය හඳුනාගනිමින් ඒ ඒ රෝහල් සහ රෝගීන් වෙනුවෙන් ඖෂධ සහ අනෙකුත් උපකරණ මිලට ගැනීම, බෙදා හැරීම නියාමනය කරමින් මෙම සත්කාරය සාර්ථක කරගැනීමට දායකත්වය දක්වන විද්වත් පිරිස පහත පරිදි වේ.

විශේෂඥ වෛද්‍ය එල්.පී.සී සමන් කුමාර

නවජන්ම ළදරු රෝග විශේෂඥ වෛද්‍ය- කාසල් වීදියේ කාන්තා රෝහල

විශේෂඥ වෛද්‍ය යූ.ඩී.පී රත්නසිරි

ප්‍රසව හා නාරිවේද විශේෂඥ - කාසල් වීදියේ කාන්තා රෝහල

විශේෂඥ වෛද්‍ය නන්දන ජයතිලක

හදිසි ප්‍රතිකාර විශේෂඥ වෛද්‍ය - පේරාදෙණිය ශික්ෂණ රෝහල

විශේෂඥ වෛද්‍ය රුවන් දිසානායක

අවයව බද්ධ කිරීම පිළිබද විශේෂඥ වෛද්‍ය - ජාතික රෝහල - කොළඹ

විශේෂඥ වෛද්‍ය වසන්ත කපුවත්ත

හෘද රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය - ජාතික රෝහල - කොළඹ

විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව

වකුගඩු රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය - යුධ හමුදා රෝහල - කොළඹ

විශේෂඥ වෛද්‍ය නලීන් සී කිතුල්වත්ත

ළමා දැඩි සත්කාර ඒකක විශේෂඥ වෛද්‍ය - රිජ්වේ ආර්යා ළමා රෝහල

විශේෂඥ වෛද්‍ය උපුල් පතිරණ

ස්වසන රෝග විශේෂඥ වෛද්‍ය - ත්‍රිකුණාමලය ශික්ෂන රෝහල

විශේෂඥ වෛද්‍ය ඉන්දික බොතේජු

කායික රෝග විශේෂඥ වෛද්‍ය - කාසල් වීදියේ කාන්තා රෝහල

විශේෂඥ වෛද්‍ය රමණි පල්ලෙමුල්ල

නිර්වින්දන විශේෂඥ වෛද්‍ය - කාසල් වීදියේ කාන්තා රෝහල

විශේෂඥ වෛද්‍ය වසන්ත රත්නායක

Consultant Clinical Oncologist Dr. Wasantha Rathnayake - Apeksha Hospital, Maharagama

අපගේ අනෙකුත් ව්‍යාපෘති

machine2.png

ව්‍යාපෘතිය ගැන...

අප මාතෘභූමිය මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ රෝහල් වෙත ඹෟෂධ ලබා දීමද අතිශය දුෂ්කර කාර්යයක් බවට පත්ව තිබේ. ඒ හේතුවෙන් දුෂ්කරතාවයන්ට පත්වෙන රෝහල් කාර්ය මණ්ඩලයත් අසරණභාවයට පත්වන රෝගීන් පිරිසත් ඉන් මුදවා ගැනීම මේ අරමුදලේ අරමුණයි.

All rights reserved © www.saveababy.lk