ජලභීතිකා එන්නත් තොගය පෙර දිනයේ දිවයිනට පැමිණි බව ගුවන්තොටුපල ආරංචිමාර්ග සනාථ කළේය.

ජලභීතිකා එන්නත් තොගය පෙර දිනයේ දිවයිනට පැමිණි බව ගුවන්තොටුපල ආරංචිමාර්ග සනාථ කළේය. ඒ අනුව තව දින දෙකක් තුල ඒවා ජාතික සෞඛ්ය පද්ධතියට පරිත්යාග වී දහස් ගණනකගේ දිවි සුරැකෙනු ඇත.
 
එක්සත් රාජධානියේ පිහිටි Sri Lanka Medical and Dental Association in United Kingdom සංවිධානයත්, සේරුවිල මංගල රාජමහා විහාරය සහ ශ්රී ලංකා පරිජන්ම විශේෂඥ වෛද්යවරුන්ගේ සංගමය එකාබද්ධව පිහිටුවා ගත් Save A Baby සංවිධානයත් එක වී මෙසේ මාසයක් සඳහා වන ජලභීතිකා එන්නතේ (Anti Rabies Serum) ජාතික අවශ්යතාවය සැපිරීමට කටයුතු යොදා තිබේ. ඒ සඳහා සම්පුර්ණ මූල්යමය දායකත්වය දැරූ Sri Lanka Medical and Dental Association in United Kingdom සංවිධානයට ජාතියේ ප්රණාමය හිමි වේ.