ජලභීතිකා එන්නතේ මාසයක ජාතික අවශ්‍යතාවය සපිරෙයි.

මේ වන විට රට තුල ජලභීතිකා එන්නතෙහි දැඩි හිඟයක් ඇති වී ඇති බවත් එනිසාම ජීවිත අහිමි වීමේ අවධානමක් ඇති වී ඇති බවත් සෞඛ්ය අංශ පවසයි. එක්සත් රාජධානියේ පිහිටි Sri Lanka Medical and Dental Association in United Kingdom සංවිධානයත්, සේරුවිල මංගල රාජමහා විහාරය සහ ශ්රී ලංකා පරිජන්ම විශේෂඥ වෛද්යවරුන්ගේ සංගමය එකාබද්ධව පිහිටුවා ගත් Save A Baby සංවිධානයත් එක වී මාසයක් සඳහා වන ජලභීතිකා එන්නතේ (Anti Rabies Serum) ජාතික අවශ්යතාවය සැපිරීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව ඇමෙරිකානු ඩොලර් 26,000ක් වටිනා ජලභීතිකා එන්නත් 5000ක් UL-178 ගුවන්යානයෙන් අද ශ්රී ලංකාව වෙත ලැබීමට නියමිත ය. ඒ සඳහා සම්පුර්ණ මූල්යමය දායකත්වය දැරූ Sri Lanka Medical and Dental Association in United Kingdom සංවිධානයට ජාතියේ ප්රණාමය හිමි වේ. මෙමගින් දහස් ගණනක ජනතාවකගේ දිවි සුරැකෙනු ඇත.