Save A Baby පුණ්‍ය ව්‍යාපෘතිය හඳුන්වා දීම

කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ විශේෂඥ වෛද්ය සමන් කුමාර මහතා ශ්රී ලංකා පරිජන්ම වෛද්යවරුන්ගේ සංගමයේ සභාපති ධුරයට පත්වීමේ උත්සවය ගාලු මුවදොර ෂැංග්රිලා හෝටලයේ දී උත්කර්ෂවත් අයුරින් පෙර දිනයේ දී පවත්වනු ලැබුවා.
 
සේරුවිල මංගල රජමහා විහාරාධිපති පූජ්ය අලුදෙණියේ සුබෝධි ස්වාමීන්ද්රයන් වහන්සේ, සෞඛ්ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්ය අසේල ගුණවර්ධන, ළමා රෝග විශේෂඥ වෛද්ය පුෂ්පා පුංචිහේවා, එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් සිට විශේෂඥ වෛද්ය අමිත් ගුප්තා, ශ්රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තැන්පත් ප්රදීප් දෑලබණ්ඩාර මැතිතුමා ඇතුළු විශේෂඥ වෛද්යවරුන්, වෛද්යවරුන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් එම උළෙලට සහභාගී වුණා.
 
පසුගිය වසරේ ශ්රී ලංකා පරිජන්ම වෛද්යවරුන්ගේ සංගමයේ සභාපති ධුරය හෙබවූ විශේෂඥ වෛද්ය සනත් ලැනරෝල් මහතා විසින් මීළඟ වර්ෂය සඳහා එම සභාපති ධුරය විශේෂඥ වෛද්ය සමන් කුමාර මහතා වෙත ගෞරවනීය අන්දමින් පිරිනමනු ලැබුවා.
 
සභාව අමතා ආරාධිත දේශනයක් පැවැත් වූ සේරුවිල මංගල රජමහා විහාරාධිපති පූජ්ය අලුදෙණියේ සුබෝධි ස්වාමීන්ද්රයන් වහන්සේ අලුත උපදින නොමේරූ දරුවන්ගේ ජීවිත ආරක්ෂා කරනු පිණිස සේරුවිල මංගල රජමහා විහාරයත්, ශ්රී ලංකා පරිජන්ම වෛද්යවරුන්ගේ සංගමයත් එක්ව ක්රියාවට නංවන ”Save a Baby” පුණ්ය ව්යාපෘතිය පිළිබඳව පැහැදිලි කරනු ලැබුවා.
ඉන් අනතුරුව සෞඛ්ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්ය අසේල ගුණවර්ධන, ළමා රෝග විශේෂඥ වෛද්ය පුෂ්පා පුංචිහේවා සහ විශේෂඥ වෛද්ය අමිත් ගුප්තා මහත්මා සභාව අමතනු ලැබුවා.
 
ශ්රී ලංකා පරිජන්ම වෛද්යවරුන්ගේ සංගමයේ අභිනව සභාපති වශයෙන් මීළඟ වසර සඳහා සිය මෙහෙවර ප්රකාශනය විශේෂඥ වෛද්ය සමන් කුමාර මහතා විසින් ඉදිරිපත් කරනු ලැබුවා.
අවසානයේ ශ්රී ලංකා පරිජන්ම වෛද්යවරුන්ගේ සංගමයේ ලේකම් විශේෂඥ වෛද්ය දිලූෂා අතුකෝරළ මහත්මිය විසින් ස්තූති කතාව පැවැත්වීමෙන් අනතුරුව උත්සව සභාවේ කටයුතු අවසන් වුණා.
 
ශ්රී ලංකා පරිජන්ම වෛද්යවරුන්ගේ සංගමයේ අභිනව සභාපති ධුරයට පත් විශේෂඥ වෛද්ය සමන් කුමාර මහතාට තුණුරුවනේ ආශිර්වාදයෙන් අපේක්ෂිත කාර්යයන් සාධනය කරමින් එම ධුරය හොබවන්නට වාසනාව ලැබේවා.
තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !