Save A baby - පුණ්‍ය ව්‍යාපෘතියේ සමාරම්භය | 2022-02-06

නොමේරූ දරුවන් ලෙස මෙලොව දකින ළදරුවන්ගේ ජීවිත සුරැකීම පිණිස ආරම්භ කරන ‘’Save a Baby’’ පුණ්ය ව්යාපෘතිය 2022-02-06 දින නිල වශයෙන් සමාරම්භ කෙරුණා.
සේරුවිල මංගල රජ මහා විහාරයත් , ශ්රී ලංකා පරිජන්ම වෛද්යවරුන්ගේ සංගමයත් එක්වයි මෙම පුණ්ය ව්යාපෘතිය දියත් කරනු ලබන්නේ.
 
සේරුවිල මංගල රජමහා විහාරාධිපති පූජ්යපාද අලුදෙණියේ සුබෝධි ස්වාමීන්ද්රයන් වහන්සේගේ ප්රධානත්වයෙන් සහ ආරාධිත පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ පැවති නිල සමාරම්භක උත්සවයේදී www.saveababy.lk වෙබ් අඩවිය ද ජන ගත කිරීම සිදුකෙරුණා.
 
සේරුවිල මංගල රජමහා විහාරාධිපති පූජ්යපාද අලුදෙණියේ සුබෝධි ස්වාමීන්ද්රයන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් හා අධීක්ෂණයෙන්, කාසල් වීදිය කාන්තා රෝහලේ නව ජන්ම ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්ය සහ පරිජන්ම විශේෂඥ වෛද්යවරුන්ගේ සංගමයේ සභාපති එල්.පී.සී.සමන් කුමාර මහතා ඇතුළු එම කාර්යය මණ්ඩලයේ මූලිකත්වයෙන් මෙම පුණ්ය ව්යාපෘතිය ක්රියාත්මකයි.
 
මේ ඔස්සේ දිවයින පුරා දිස්ත්රික්ක ආවරණය වන ලෙස ප්රධාන රෝහල් සඳහා අලුත උපදින නොමේරූ දරුවන් වෙත නිසි ඔක්සිජන් ප්රතිශතයකින් සහ ආර්ද්රතාවයෙන් යුතු, නිසි පීඩනයක් සහිත උණුසුම් හුස්මක් ඔවුන්ගේ පළමු හුස්ම ලෙස ලබාදෙන ශ්වසන ආධාරක උපකරණ 50ක් පරිත්යාග කිරීමට නියමිතයි.
මෙම උපකරණයක වටිනාකම රුපියල් ලක්ෂ 10ක් පමණ වන අතර එයින් සුරැකෙන ජිවිතයක වටිනාකම මිල කළ නොහැකියි. පළමු හුස්ම දන්දෙන ළදරු ශ්වසනාධාරක යන්ත්රයක් පරිත්යාග කිරීමට කැමති පිරිසට මෙම පුණ්ය ව්යාපෘතිය සමඟින් එක් වීමට අවස්ථාව ලබා දී තිබෙනවා.
 
ඒ සඳහා , දුරකථන අංක 071 658 0001 අංකය හෝ 071 659 0001 අංක ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැකියි.
 
වැඩිදුර තොරතුරු www.saveababy.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැක අතර ඔබගේ පරිත්යාගයෙන් ගිණුම් අංකය – 233 200 190 044 394 මහජන බැංකුව සේරුනුවර ශාඛාවට බැර කළ හැකියි.
 
මෙම පුණ්ය ව්යාපෘතිය සඳහා පරිත්යාග කරන සෑම මුදලක්ම පූර්ණ විනිවිද භාවයකින් යුක්තව ජාත්යන්තර විගණන සමාගමක් වන Ernst & Young ආයතනය මගින් විගණනයකට ලක් වන අතර මෙම පුණ්ය ව්යාපෘතිය සෞඛ්ය අමාත්යංශයේ පුර්ණ අධීක්ෂණය යටතේ ක්රියාවට නැංවනු ලබනවා.