ජීවිතයට හුස්මක්… | Save a Baby | Be their first breath

හිතවත හිතවතිය, අප රටේ උපදින නොමේරූ දරුවන් දහස් ගණනක් උපතේ දී ඇතිවන ස්වසන සංකූලතා නිසා ඉපදී දින කිහිපයක් තුළ මිය යනවා. ඉපදුණු වහාම ඔවුන්ගේ පළමු හුස්ම, නිසි ඔක්සිජන් ප්රතිශතයකින් යුතුව සහ නිසි පීඩනයකින් යුතුව ක්රමවත්ව උණුසුම් හුස්මක් ලෙස ලබා දිය හැකිනම් ළදරු ජීවිත දහස්ගණනක් ඒ තුලින් බේරා ගත හැකියි. එය සිදු කරන්නේ කෙසේද? පහත වීඩියෝව අනිවාර්යයෙන්ම නරඹන්න. අප සියලු දෙනා එක්සිත්ව එක්වුවහොත් මේ ඉලක්කය සපුරාගත හැකියි.

මෙම ළදරු ස්වසන ආධාර යන්ත්ර 50 පරිත්යාග කරනු පිණිස අපට මුදල් නැති වුවත් එය කළ හැකි පුද්ගලයන් දකිනා තුරු මෙය හැකිතාක් සමාජ මාධ්ය තුල share කරමු. මේ අසරණ බිලිඳු ජීවිත වෙනුවෙන් අපට හැකි සෑම දෙයක්ම සිදු කරමු. හෙට දිනයේ ඇතැම් විට මෙයින් දිවි ගලවා ගන්නේ ඔබේම දරුවා හෝ මුණුපුරා විය හැකියි.

ඉදිරියේදී මෙම පුණ්ය ව්යාපෘතිය පිළිබඳව වැඩිදුර තොරතුරු දැනුවත් වීමට මෙම Youtube සහ facebook පිටු සමගින් රැදී සිටින්න. මෙම පණිවිඩය හැකිතාක් ඔබේ මිතුරන්ට යවන්න.
අපි එක්ව මෙම ජාතික කර්තව්ය ඉටු කරමු. මේ ඔවුන්ගේ පළමු හුස්මයි!

අප හා සම්බන්ධ විය හැකි ආකාර

Telephone : +94 71 658 0001 | +94 71 659 0001
Whatsapp : +94 71 658 0001 | +94 71 659 0001
Email : info@saveababy.lk

Address : Seruwila Mangala Rajamaha Viharaya, Seruwila
Account Name – SAVE A BABY
Account No – 233200190044394
Bank – People’s Bank
Branch – Serunuwara
SWIFT CODE : PSBKLKLX